ශ්‍රී පියරතන තරුණ බෞද්ධ සංගමය

අත්තරගම පොත්ගුල් රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පණිවිඩය

ඓතිහාසික අත්තරගම පොත්ගුල් රජමහා විහාරය මූලික කර ගෙන පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුමනතිස්ස දහම් පාසල ක්‍රි:ව: 1974.02.04 දින විහාරස්ථ ධර්ම ශාලාවේදී එසමය තුල මෙහි විහාරාධිකාරී වශයෙන් කටයුතු කළ පූජ්‍යපාද අස්ගිරියේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුදු දහමින් ඔපවත් වු උතුම් සමාජ සාරධර්මයන්ගෙන් පිරි බොදු සමාජයක් ගොඩනැගීමේ උත්තරීතර අභිප්‍රායෙන් යුක්තව අරඹන ලදී.
දහම් පාසලේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා එදා සිට වර්තමානය දක්වා සිටි සහ සිටින ගුරුභවතුන් විසින් ස්වෙඡාවෙන් ශ්‍රම දායකත්වය කැප කරන ලදී. මෙය තුලින් බිහි වු දරු දැරියන් රටේ සාමාජීය, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික යන විවිධ ක්‍ෂේත්‍රයන්හි කටයුතු කරනු ලබයි.
වර්තමානයේ සුමනතිස්ස දහම් පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා දරු දැරියන් 350කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන අතර ප්‍රධානාචාර්ය හිමි ඇතුළු ආචාර්්‍යය මණ්ඩලය 21 කින් සමන්විතය.
තවද මෙම දහම් පාසලේ දරු දැරියන් ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් පවත් වනු ලබන ප්‍රාදේශීය තරග හා සමස්ථ ලංකා තරඟ තුලින් විශිෂ්ට ජයග්‍රහන කරා පියමං කරනු ලබයි. 2013 වර්ෂයේ පවත්වන ලද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හාරිස්පත්තුව උතුරු කොටසේ දහම් පාසල් 27 කින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමටද සමත් විය.
දහම් පාසල මගින් බලාපොරොත්තු වනු ලබන්නේ දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම මෙන්ම සදාචාර සංවර්ධනයද වර්ධනය කිරීමය. ප්‍රථම ස්ථාන ලැබීම තුලින් සුමනතිස්ස දහම් පාසල ඒ බව ලබා ඇති බව සාක්ෂි දරයි. මෙසේ දිනෙන් දින දියුණුව කරා පා තබන ශ්‍රී සුමනතිස්ස දහම් පාසල සමස්ථ ලංකාවෙන්ම හොදම දහම් පාසල බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.

ශාසනස්තිථිකාමි
විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රවේදී කිරිදිගල්ලේ සුමංගල හිමි.

Light post style with image 2

Leverage the best widget for blogs and adorn your blog section beautifully